අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්‍ වෙනුවෙන් චීනයෙන් මුඛ ආවරණ තොගයක්

2020-05-28 16:13:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්‍ වෙනුවෙන් චීනය මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කරයි. පාසල් යළි ආ‍රම්භ කිරීමෙන් පසු එම දරුවන්ගේ භාවිතය සඳහා මුඛ ආවරණ එක් ලක්ෂ විසිපන් දහසක් ශ්‍රී ලාංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.එම අවස්ථාවේදී අදහස් දැක්වූ වැඩ බලන චීන තනාපතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් සහය වෙමින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කළ යුතු බවයි. පාසල් යළි විවෘත කිරීම ඇතුළු ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමේ නව අභියෝගයන්ට රටවල් දෙකම මුහුණ දී සිටී. ශ්‍රී ලංකා සිසුන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් මෙම මුඛ ආවරණ තොගය චීන තානාපති කාර්යාලය විසින් පරිත්‍යාග කරන බව ද හෙතෙම කීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කාලෝචිත පරිත්‍යාගය ඉහළින් අගය කරන බව සඳහන් කළේ ය. චීනය ලබා දී ඇති විශිෂ්ඨ සහයෝගයන් ශ්‍රී ලංකා ජනතාවගේ මතකයේ සැමවිටම රැඳී පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති