13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී ආරම්භ වීම නව යුගයක ආරම්භයක් බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක, විජය දිසානායක මහතා පවසයි

2020-05-26 15:12:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය බෙයිජිං හිදී ආරම්භ වීම නව යුගයක ආරම්භයක් ලෙස සලකන බව ප්‍රවීණ විදෙස් විත්ති විචාරක, ජේෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා පවසයි. චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සැසිවාර දෙක වෙනුවෙන් සමස්ත චීන ජනතාවට සුභාසිංශන පිරිනමන බවයි.

කොරොනා වසංගතයත් සමග උද්ගත වූ අර්බුදකාරී වාතාවරණය පසුකර සාක්ෂාත් කර ගත් මෙම ඉලක්කය, ශ්‍රී ලංකාව වැනි රටවලට ද ආදර්ශයක් බව දිසානායක මහතා පැවසීය. දශක කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාවලිය මගින් තුන්වන ලෝකයේ රටවල ගැටලු රැසක් මතු වී තිබේ. එය පැහැදිලි ලෙසම බටහිර ආධිපත්‍යය පවත්වා ගෙන යාමක් බව විජය දිසානායක මහතා කියා සිටී. බොහෝ බටහිර රාජ්‍යයන් අනුගතව තිබූ වැඩපිළිවෙල අර්බුදයට ලක් වීම, මෙම කොරොනා වසංගත කාලය තුළ දැක ගත හැකි වූ විශේෂ ලක්ෂණයකි.

ලෝක ජනගහනයෙන් බිලියන 1.3ක් වෙසෙන චීනයේ දේශපාලන කටයුතු ආරම්භ වීම තුළින් ලොව සෙසු රටවලට ප්‍රතිලාභ රැසක් ලැබිය හැකිය. වසර 2000 කට වැඩි කාලයක් චීනය සමග සේද මාවත ඔස්සේ ගනුදෙනු කළ ශ්‍රී ලංකාවට එමගින් ලැබිය හැකි ප්‍රතිලාභ අතිමහත්ය.

කොරොනා වසංගත අභියෝගය මධ්‍යයේ බටහිර ඇතැම් රටවල් ආත්මාර්ථකාමී සහ ජාතිකවාදී පිළිවෙත් අනුගමනය කරද්දී, චීනය විවිධ ආකාරයෙන් සෙසු රටවලට උපකාර කළේය. අත්දැකීම් බෙදා ගත්තේය.

පශ්චාත් Covid-19 තත්වය යටතේ චීනයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන නව ලෝක පර්යාය තුළ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමේ වගකීමක් ද චීනයට පැවරී ඇත. 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරය තුළින් එම යුගයේ ආරම්භය සනිටුහන් වනු ඇතැයි, ද විජය දිසානායක මහතා කියා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති