ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

2020-05-22 17:33:19
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා ඊයේ(21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේ, පසුගිය සතියේ දෙරටේ ජනාධිපතිවරුන් අතර ඉතා වැදගත් හා ඵලදායී දුරකථන සංවාදයක් පැවතුණු බවයි. ඉන් දෙරට අතර වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පිළිබඳ වැදගත් එකඟතා මාලාවකට එළඹ තිබේ. චීන පාර්ශ්වය සමඟ එක්ව උත්සාහ කරමින්, මෙම එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීමටත්, චීන සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා වඩා හොඳ ව්‍යාපාරික පරිසරයක් සහ වඩාත් සතුටුදායක ප්‍රතිපත්ති ලබා දීමටත්, ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වර්තමාන තත්ත්වය යටතේ, දෙරටේ නායකයින් අතර සංවාදය ඉතා වැදගත් වන අතර එය ද්විපාර්ශ්වික සබඳතාවල අනාගත සංවර්ධනයට මග පෙන්වා ඇති බව හු වෙයි මහතා සඳහන් කළේ ය. ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ සක්‍රීය මෙහෙයුම් පිළිබඳව චීනය ප්‍රශංසාව පළ කරයි. දෙරටේ නායකයින් අතර එළැඹි වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සහ චීන - ශ්‍රී ලංකා “එක් තීරයක් එක් මාවතක්”අධි ගුණාත්මක සංවර්ධනයට සහාය දීම සඳහා, දෙරටේ අදාළ දෙපාර්තමේන්තු හා ව්‍යවසායන් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කැමැත්තෙන් සිටින බව හු වෙයි මහතා එහිදී කියා සිටියේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති