පුණර්ජනනිය විදුලි බල නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්න-ජනපතිගෙන් උපදෙස්

2020-05-21 16:55:35
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මන්නාරම් තුඩුවේ මේ වන විට ඉදිවෙමින් පවතින මෙරට විශාලතම සුළං බල ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කර, පුණර්ජනනිය විදුලි බල නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දෙයි.

වසර 2030 වන විට මෙරටට විදුලි බල සැපයුමෙන් සියයට 80ක් පුණර්ජනනිය බලශක්ති මගින් උත්පාදනය කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

මන්නාරම් තුඩුවේ ඉදිවෙන මෙම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ සැප්තැම්බර් මස අවසන් කිරීමට නියමිතව ඇති අතර එහි ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 25ක් ඇස්තමේන්තු කර ඇත. මෙමගින් මෙගාවොට් 103ක විදුලි උත්පාදනයක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති