අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සපයන්නැයි අගමැතිගෙන් උපදෙස්

2020-03-22 16:22:00
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙපොළට මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සේනාරත්න මහතාට උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු මෙන්ම ඇසුරුම් කටයුතු සතොස ප්‍රධාන ගබඩාවල සිදු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය පමණට සංචිත ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති