මෙරට තුළ කොරොනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්වීමට චීනයේ පූර්ණ සහය

2020-03-13 15:31:05
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙරට තුළ කොරොනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දීමට චීන රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ වැඩබලන තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දෙයි.

මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ(12) පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණු ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි.

ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුල්‍යාධාර ඇතුළු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති