චීනය කොරොනා වසංගතය පාලනයට ගත් පියවර ප්‍රශංසනීයයි - චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති

2020-02-20 15:47:04
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගතය හටගැනීමෙන් අනතුරුව චීන රජය හා ජනතාව ඉන් මිදීම සඳහා කඩිනම් පියවර ක්‍රියාත්මක කළ බව චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ. කේ. යෝගනාදන් මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ අනපේක්ෂිතව හටගත් මෙම වසංගතයට මුහුණදීම සඳහා චීන රජය කඩිනමින් රෝහල් ඉදි කරමින් ඒවායේ ධාරිතාව වැඩි කිරීමට පියවර ගත් බවයි.

චීන මාධ්‍ය සමුහයේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන තානාපතිවරයා‍ මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ විශේෂයෙන් වසංගතය පැතිර ගිය වුහාන් ප්‍රදේශයට වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය සැපයුම් වැඩිකරමින් ඊට සාර්ථකව මුහුණදුන් බවයි.

එවැනි පියවර හරහා මෙම වසංගතය පාලනය කිරීමට චීන රජය දැඩි පියවර ගත් බව ද කේ. කේ. යෝගනාදන් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසංගත අවස්ථාවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම ලාංකික ජනතාව වසංගතයට මුහුණදීම සඳහා චීනයට පුර්ණ සහයෝගය පළ කළ බවයි.

වුහාන් හි සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි ගෙන්වා ගැනීම සදහා චීන රජය දැක්වූ සහාය ද හෙතෙම අගය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති