අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

2020-02-09 15:12:00
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අනාගත පරපුරට මේ අපේ මව්බිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩ නැගීමට කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවට එක්වෙමිනි.

රට ගොඩ නැගීමට තමන්ට පැහැදිලි දැක්මක් ඇති බවත්, එය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාවට ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආනන්ද විද්‍යාලයීය සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමට සමගාමීව එම විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කර තිබූ බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති