මෙම දුෂ්කර අවස්ථාවේදී චීනයට පූර්ණ සහය පළකරන බව ශ්‍රී ලංකා කතානායකවරයා පවසයි

2020-02-06 22:32:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙරට වෙසෙන චීන ජාතිකයන්‍ට කිසිදු හිරිහැරයක් සිදු නොකල යුතු බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.චීනයත් ශ්‍රී ලංකාවත් අතර අවුරුදු දහස් ගණනක මිත්‍රත්වයක් පවතී. ඒ නිසා මේ අසීරු අවස්ථාවේදී චීන ජනතාවට ආදරෙන් කරුණාවෙන් සැලකිය යුතුය. වසංගතය පාලනයට චීන රජය ඉතාමත්ම කාර්යක්ෂම පියවර ගෙන ඇත. එබැවින් ඉතා ඉක්මණින් චීන ජනතාව මෙම උවදුරෙන් මුදා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද කරු ජයසූරිය මහතා පැවසීය. චීන ජනතාවට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවෙි චීන තානාපතිවරයා හමුවී පාර්ලිමේන්තුවේ සියළු දෙනා‍ගේ සහය ලබා දෙන බව පැවසු බවද චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයට අදහස් දක්වමින් කතානායකවරයා සදහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති