චීන ජනතාවට සෙත්පතා ආගමික වැඩසටහන් අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන්

2020-02-06 09:55:23
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනතාවට කොරොනා වෛරස් වසංගතය පැරදවීම සඳහා ආගමික ආශීර්වාදය ලබා දීමේ ‍බෞද්ධාගමික වැඩසටහනක් කොළඹදී පැවැත්විණ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අභයාරාම විහාරස්ථානයේදී පැවති එම වැඩස‍ටහනට කැබිනට් ඇමතිවරු සහ ස්වේච්ඡාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෝ දහසකට ආසන්න පිරිසක් එක් වූහ. ශ්‍රීලංකාවේ චීන තානාපතිවරයා ද ඊට එක්විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයාට හැගුම් බරව ප්‍රකාශ කළේ ශ්‍රීලංකාව සමඟ සැපේදී හෝ දුකේදී හෝ පොදුවේ මුහුණ දෙන චීනය සැබෑ මිතුරෙක් බවයි. මෙවැනි අසීරු අවස්ථාවක ශ්‍රීලංකා ජනතාව චීන ජනතාව සමඟ දැඩිව බැඳී සිටින අතර දුෂ්කර කාලය පසුකිරීමට චීනය දිරිගන්වන බවද හෙතෙම පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපියක චීන ජනතාව වෙනුවෙන් පිරිත් සජ්ජායනා මෙන්ම ආගමික ආශීර්වාද පිරිනැමීම සිදු කෙරෙන බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (5) චීන තානාපතිවරයා හමු වී පෞද්ගලික වශයෙන් චීනයේ වසංගතයට එරෙහි සටන වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළේය. චීන ජනතාව වෙත ස්ථිර අනුබලය ලබා දෙන බව ද හෙතෙම එහිදී යළි අවධාරණය කළේය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති