රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි

2020-01-13 16:58:29
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙම සංචාරය අතරතුර රුසියා විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු රුසියාවේ ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. ලැව්රෝව් මහතා මීට පෙර 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. දෙරට අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීම ඔහුගේ සංචාරයේ අරමුණයි. ආර්ථික , ආරක්ෂක, අධ්‍යාපන ,සංචාරක මෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති