සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යම රජයට අයත් රෝහලක්

2020-01-12 19:39:34
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යම රජයට අයත් අංග සම්පුර්ණ රෝහලක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹ, කරාපිටිය හා මහනුවර ඇතුළු රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ බවයි.

මාතලේ, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහල් මෙතෙක් පිහිටුවා නැත.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්ක අයත් වන පළාත් සභා රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ගැනීමට ජනතාවට සිදු ඇත.

එහෙත් ප්‍රමාණවත් ප්‍රතිපාදන නොවීමෙන් එම රෝහල් සංවර්ධනය පළාත් සභා මගින් සිදු නොකිරීම හේතුවෙන් දියුණු ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට ජනතාවට දුර බැහැරට යාමට සිදුව ඇති බව අමාත්‍යාංශය පවසයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති