රටේ වේගවත් සංවර්ධනයට බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනපති කියයි

2020-01-11 14:33:54
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රටේ වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට නම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සහතික වන්නේ නම් මෙරට අධ්‍යාපනය ලබාගැනීම සඳහා විදෙස් සිසුන්ද ආකර්ශණය කරගත හැකි බවයි.

කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පස්වරුවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ 2019 වසරේ උපාධි ප්‍රධානොත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනවා සේම දරුවන්ට මුදල් ගෙවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමේ පහසුකම් පුළුල් කිරීමෙන් විදේශ විනිමය උපයාගත හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී විද්‍යාර්ථයින් 1280 දෙනෙකුට උපාධිය ප්‍රධානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති