චීන විදේශ ඇමති, ශ්‍රී ලංකා ජනපති හා අගමැති හමුවෙයි

2019-12-02 20:48:20
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන විදේශ ඇමති වං යී මහතා සහ ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වු චියං හාඕ මහතා ඊයේ (01) සහ අද (02) වෙන් වෙන් ව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දැඩි දේශපාලන විශ්වාසය ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව වඩාත් ප්‍රායෝගික ලෙස පවත්වාගෙන යාමට එම හමුවීම්වලදී දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළු චීන-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ව්‍යාපෘති විධිමත් ලෙස ක්‍රියාත්මක කරමින් පවතින යහපත් සහයෝගිතා පදනම මත නව සහ‍යෝගිතා සැලැස්මක් සකස් කරනු ඇතැයි එහිදී දෙපාර්ශ්වය පවසා තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති