සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා ඇරඹේ

2019-12-01 14:36:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වැනිදා ආරම්භ වෙයි.

උදෑසන 8.30ට විභාග ආරම්භ වන අතර පැය භාගයකට ප්‍රථම අදාළ මධ්‍යස්ථාන වෙත විභාග අපේක්ෂකයින් පැමිණිය යුතු බව, විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් අනන්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

මෙතෙක් විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුණු අපේක්ෂකයන් වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබාගත හැකි වේ.

විභාග සම්බන්ධ ගැටලුවක් වන්නේ නම් 1911 අංකයට ඇමතුමත් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

මෙවර විභාගය, මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වෙන අතර සිසුන් හත් ලක්ෂ 17000ක් පමණ ලියාපදිංචි වී සිටිති. එම සංඛ්‍යාව සාමාන්‍ය පෙළ විභාගයක් සඳහා මෙතෙක් සහභාගීවන විශාලතම සංඛ්‍යාව වේ. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍යනම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජෙනරාලවෙරයා සඳහන් කර සිටී.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති