ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉන්දීය රජයෙන් ණය ආධාර

2019-11-30 16:17:14
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් පිරිනමයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර ‘රාශ්ඨපති භවන්’ හිදී ඊයේ(29) ත්‍රිවිධ හමුදා ආචාර ද ඇතිව උත්සවාකාරයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවසේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෝදි මහතා මේ බව පැවසීය. ඉන්දීය නිවාස ව්‍යාපෘතීය යටතේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නිවාස 46,000ක් ඉදිකර ඇති බවත්, දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල තවත් නිවාස 14,000ක් ඉදිකරන බවත් හෙතෙම කීය. සූර්ය බල ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබා දෙන බව ද අගමැති මෝදි මහතා පැවැසීය. ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්ම තමන්ට පැහැදිලි කළ බව ද හෙතෙම සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති