නව යුධ හමුදා මූලස්ථානය විවෘත කෙරේ

2019-11-08 15:56:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අති නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) විවෘත කෙරිණ.

අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සමන්විත වේ.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතියයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරෙනු ඇත.

යුධ හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැගිලි සඳහා මාසිකව වැය කරන රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබේ.

යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරුනු ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති