ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව සැකසීමේ කටයුතු ආරම්භ කෙරේ

2019-10-08 14:38:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාමයෝජනා පත්‍ර භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරග කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12යි දශම 5කට වඩා අඩුවෙන් ලබා ගත් අපේක්ෂකයින්ගේ පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.


තිස් පස් දෙනෙකු නාමයෝජනා භාර දී ඇති අතර එය මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අවස්ථාව ලෙස සැලකෙයි.


අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට අධික දිගකින් යුක්ත විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද පත්‍රිකාව සැකසීමේ කටයුතු අද(08) දිනයේ සිට ආරම්භ කරන අතර ආකෘති පත්‍රිකාව සකස් කිරීමෙන් අනතුරුව එය හැකි ඉක්මනින් මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති