වසර තිහක් ඉලක්ක කර ගනිමින් රජයෙන් සංවර්ධන සැලසුම්

2019-09-11 16:21:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉදිරි වසර තිහ ඉලක්ක කර ගනිමින් වත්මන් රජය සියලු සංවර්ධන කටයුතු සිදු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ නව ආර්ථිකයක් ගොඩනඟමින් ශ්‍රී ලංකේය පුරවැසියා ඉහළ තලයකට ඔසවා තැබීම සිය අරමුණ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. වරාය පිවිසුම් නව ගුවන් අධිවේගී මාර්ගයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය. හදවත් යා කෙරෙන රන්මාවත් වැඩසටහන යටතේ ඉගුරුකඩේ හන්දියේ සිට ගාලු මුවදොර දක්වා කිලෝමීටර් 5.3කින් යුක්තව මාර්ගය ඉදි කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති