ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරයි

2019-08-13 19:06:50
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.ෆේස්බුක් හිමිකරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවද දේශප්‍රිය මහතා කියා සිටී.ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටළුව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බවද ඔහු වැඩදුරටත් සඳහන් කළේය.ජනාධිපතිවරණයට බාධා නොවන අයුරින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවද හෙතෙම කියා සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති