ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

2019-08-12 15:36:51
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති.

නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි.හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභපැතුම් පිරිනමා තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳව පුළුල් ආදර්ශයක් හජ් උත්සවයෙන් සැපයෙන බවයි.ජාතිය හා පුද්ගල තාරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මගින් ලැබනුයේ අන් සියලු ආගමිකයින් සමග ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයකැයි තමා සිතන බව ද ජනාධිපතිවරයා පැවසීය.

හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සමානාත්මතාව සහ ස‍හෝදරත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොඩ නැගී ඇති ඉස්ලාම් දහමේ සියලුම වත්පිළිවෙත්, ආගමික උත්සව එකී අගනා අධ්‍යාත්මික සහ සමාජ වටිනාකම් තහවුරු කරන්නට ඉස්ලාම් බැතිමතුන් නිරන්තරයෙන් යොමු කරන අරමුණින් සංවිධානය වී ඇති බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති