නව දූත මණ්ඩල ප්‍රධානීන් 13ට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

2019-08-11 15:24:53
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විදෙස් රටවල් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස නම් කර ඇති 13 දෙනාගේ පත්වීම්වලට උසස් නිලතල පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නව දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනා අතර වෘත්තීය රාජතාන්ත්‍රික නිලධාරීන් 09 දෙනෙකු සිටින බවයි. ඒ අනුව නයිජීරියාව, කුවේට්, කොරියාව, ජෝර්දානය, වියට්නාමය, නේපාලය, කියුබාව, ඉතියෝපියාව, ලෙබනනය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, මාලදිවයින, කටාර් යන රටවලට දූත මණ්ඩල ප්‍රධානීන් පත් කර ඇත.

මේ වසරේ දී පත්කළ දූත මණ්ඩල ප්‍රධානීන් 27 දෙනාගෙන් 23 දෙනෙකුම ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරින් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.ශ්‍රී ලංකාව විදේශ රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල 52 ක් පවත්වාගෙන යයි.මෙම නව පත්කිරීම් සමඟ එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් සියයට 54ක් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති