ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දේශපාලන හා වෙළෙඳ ගිවිසුම් දෙකක්

2019-08-09 16:03:38
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දේශපාලන හා වෙළෙඳ ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තබයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාම්බෝජ රාජ්‍ය සංචාරයට සමඟාමීව මෙම ගිවිසුම් සඳහා අත්සන් කිරීම ඊයේ (8) සිදු කෙරිණ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කාම්බෝජ අගමැති සම්ඩෙච් අකා මොහා සෙනා යන මහත්වරු අතර හමුව කාම්බෝජ අගමැති කාර්යාලය වන සාම මන්දිරයේ දී සිදු විය.දෙරට අතර සෘජු ගුවන් සේවා ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයට ලක්වූ අතර ඉදිරියේ දී සිවිල් ගුවන් සේවා පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ.

එමෙන්ම ආර්ථික, වෙළෙද ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවත් අධ්‍යාපනික සහ තරුණ අත්දැකීම් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් නායකයෝ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකට අත්සන් තැබුවේ නායක හමුවෙන් පසුවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති