ත‍්‍රස්තවාදය ලෝකයෙන් ඉවත් කිරීමට සියලූ රාජ්‍යයන් මිත‍්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනපති ලෝක නායකයින් හමුවේ කියා සිටී

2019-05-15 16:57:50
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ත‍්‍රස්තවාදය ලෝකයෙන් ඉවත් කිරීමට සියලූ රාජ්‍යයන් මිත‍්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනපති ලෝක නායකයින් හමුවේ කියා සිටී

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත‍්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත‍්‍රශීලීව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද(15) චීනයේ බෙයිජිංහි දී ආරම්භ කෙරුණු ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමිනි.

ප‍්‍රථම වරට සංවිධානය කෙරුණු මෙම සමුළුව චීන ජනාධිපති ෂින් ජින්පිං මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

සමුළුව ඇමතූ ජනාධිපතිතුමා යෝජනා කර සිටියේ ආසියාතික ශිෂ්ටාචාරය පිළිබඳ කතා කරන මෙම සමුළුවෙන් නැගෙන හඩ සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් යුතුව මිත‍්‍රශීලී සංවිධානයක් ලෙස ඇතිවන එකමුතුව සහ එකඟතාව ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ආගමික අන්තවාදී ත‍්‍රස්තවාදයත් පරාජය කිරීම සඳහා ශක්තියක් බවට පත්කරගත යුතු බවයි.

ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටපත් කළ නොහැකි අතර, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය නීතියකින්, ව්‍යවස්ථාවකින් හෝ ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කර තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

චීනය වැනි විශිෂ්ට ශිෂ්ටාචාරයක් ඇති රටක් මෙවැනි සමුළුවක් පැවැත්වීම තුළින් ඒ සදහා තබන ලද පියවර දැඩිව අගය කළ යුත්තක් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම සංවාදය සඳහා ශ‍්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීම පිළිබඳ චීන ජනාධිපතිතුමා ඇතුළු චීන රජය වෙත සිය ගෞරවණීය ස්තූතිය පුද කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති