ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය

2019-02-10 14:49:22
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය

ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට හෝ නොහැකි බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති