රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ‍ජනපති කියයි

2019-02-09 14:22:32
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ‍ජනපති කියයි

රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අවදානම් භාරගැනීමට තරුණ පරපුර සූදානම් නොවීම අභියෝගයක් බවද හෙතෙම කියා සිටී. එම අභියෝගය ජය ගැනීමටවෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහන මහඟු අත්වැලක් වනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි මාස 03 ක් තුළ මෙම වෘත්තීය මාර්ගෝපදේශන ආයතන සෑම දිස්ති‍්‍රක්කයකම විවෘත කිරීමට පියවර ගන්නා බව ද පැවසීය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය පොළොන්නරුවේ දී විවෘත කරමිනි. ශ‍්‍රී ලංකාවේ විරැකියා ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලු රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති