පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරන බව ජනපති කියයි

2018-12-05 15:22:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රටේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සම්මේලනය අමතමිනි. මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දේ. රට විනාශ මුඛයට ඇඳ දැමූයේ එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අඳූරදර්ශී වැඩපිළිවෙළ නිමා කර, රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායක වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයින්ට සාමයේ දෑත් දිගු කරන බව ද එහිදී ප‍්‍රකාශ කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති