ජනපතිගේ ගැසට් නිවේදනය අනුව අසුන් පනවන බවට කතානායකගෙන් ප්‍රකාශයක්

2018-11-08 16:21:42
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනපතිගේ ගැසට් නිවේදනය අනුව අසුන් පනවන බවට කතානායකගෙන් ප්‍රකාශයක්

ජනපතිගේ ගැසට් නිවේදනය අනුව අසුන් පනවන බවට කතානායකගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ  පක්ෂ නායකයින්ට 7 වැනි දින දැනුම් දී තිබේ.

එසේ වුවද රට අස්ථාවර වී ඇති අවස්ථාවක රටත් ලෝකයාත් සිදු වූ වෙනස්කම් දෙස බලා සිටින නිසා පාර්ලිමේන්තුවේ බහුතරය බලය තහවුරු කළ යුතුය යන මතයේ තමා සිටින බව ද හෙතෙම සඳහන් කර ඇත. දැනට පවතින ව්‍යාකූල තත්වය හේතුවෙන් විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ හා කොටස් වෙළෙඳ ‍පොළේ බිඳ වැටීම ආර්ථිකයට අහිතකර බලපෑමක් නිර්මාණය කර තිබේ. එම තත්වය කඩිනමින් යථා තත්වයට පත්කර රට පිළිබඳව විශ්වසනීය තත්වය ලෝකය හමුවේ ඉතා ඉක්මණින් ගොඩණැගිය හැකි බව කථානායකවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති