ඉන්දියානු සාගර සමුළුව කොළඹදී ඇරඹේ

2018-10-11 15:43:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉන්දියානු සාගර සමුළුව අද (11) කොළඹ අරලියගහ මන්දිරයේ දී ආරම්භ වෙයි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු වූ අභිලාෂ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙන මෙම සමුළුව පැවැත්වේ.

සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවත්වනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත තානාපති පීටර් තොම්සන් මහතාද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.

ගෝලීය වෙළඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරමින් ලොව තෙල් නෞකාවලින් 2/3 ක් සහ තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් 1/3 ක් යාත්‍රා කරන, අතිශය වැදගත් සන්නිවේදන මුහුදු මාර්ග පිහිටා තිබෙන ඉන්දියානු සාගරය ලොව වඩාත් කාර්ය බහුලම හා තීරණාත්මක වෙළඳ මාර්ගවලින් එකක් බවට පත් වී ඇති වකවානුවක මෙම සමුළුව පැවැත්වේ.

ශ්‍රී ලංකාව කලාපීය වෙළඳ සේවා හා මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙම සමුළුවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති