ජූලි මාසයේ සංචාරක පැමිණීම් 6% කින් ඉහළට - sinhalese.cri.cn

ජූලි මාසයේ සංචාරක පැමිණීම් 6% කින් ඉහළට

2018-08-09 17:01:44
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජූලි මාසයේ සංචාරක පැමිණීම් 6% කින් ඉහළට

මෙම වසරේ ජූලි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 217,829 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව මෙය පසුගිය වසරේ ජූලි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී 6% ක වර්ධනයකි.

මෙහිදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. 31,032 ක් ලෙසින් සටහන් වන මෙම ප්‍රමාණය 7% ක ඉහළ යාමකි.

මේ අතර චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 28,445 ක් දක්වා 3.5% කින් පහළ ගොස් තිබේ.

මෙම නවතම සංඛ්‍යාලේඛන පිරික්සීමේ දී දැකිය හැකි සුවිශේෂී කාරණාවක් වනුයේ ජූලි මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 4,857 සිට 7,164 ක් දක්වා 47.5% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු සංචාරකයින් ප්‍රමාණය ද 8,801 ක් දක්වා 27.9% කින් පසුගිය ජූලි මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස ගත් කල මේ වසරේ මුල් මාස 07 තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,382,476 කි. මෙය 2017 වසරේ මුල් මාස 07 හි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 1,215,926 හා සැසඳීමේ දී 13.7% ක ඉහළ යාමකි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති