සිංගප්පූරු සමුළුවේ මුල් දෙසුම අගමැතිගෙන්

2018-07-09 15:10:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නාගරික සංවර්ධනය හා පරිසරය සුරැකීම මැයෙන් එම දේශනය පැවැත්විණ. සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වැනි ජගත් සමුළුවට සහභාගිවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගියේ 9 වැනි දින පෙරවරුවේදීය. මෙවර සමුළුවේ තේමාව වනුයේ “නවෝත්පාදන සහ සහයෝගිතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම” යන්නයි. මනා පරිපාලනය හා සැලසුම්කරණය, තාක්ෂණය සහ සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත. මීට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු “ජාත්‍යන්තර ජලසති සැමරුම” හා “පිවිතුරු පරිසර සමුළුව” යන සමුළුවලට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිංගප්පූරු අගමැති ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යය තර්මන් ෂන්මුගරත්නම්, හිටපු අගමැති ගෝ චෝක් තෙන් යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ මැති ඇමැතිවරු කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතයි.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති