දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා යළිත් හිස ඔසවයි

2018-05-16 15:01:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් පැතිරෙමින් පවතින බව, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

ඇතැම් විට එය වසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කර තිබේ. මෙම රෝගී තත්වය ළමුන් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බව පැවසේ. පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් කිහිප දෙනකුම මියයාමට හේතු වූ වෛරසය මෙම ඉන්ෆ්ලුවෙන්සා තත්වය ද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති වුවද ඒ පිළිබඳව ද මේ වන විට පර්යේෂණ සිදු කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටී. මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය ආකාර තුනකින් බෝ විය හැකිය. එනම් ඉන්ෆ්ලුවන්සා හා ඇඩිනෝ යන වෛරසයන් මඟින් මෙන්ම නියුමෝකොකල් බැක්ටීරියා තත්වය යන ආකාර තුනෙන්ම මෙම රෝගය පැතිරිය හැකි අතර මෙවර එම ආකාර තුනේම රෝගී වූවන් දක්නට ලැබෙන බව ද පැවසේ.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති