මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට ඇ.ඩො. බිලියනයක්

2018-05-15 16:17:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට ඇ.ඩො. බිලියනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට ඇ.ඩො. බිලියනයක්


මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබාදීමට මෙරට චීන තානාපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කැමැත්ත පළ කරයි. 

චීන එක්සිම් බැංකුව මඟින් මෙම ණය මුදල ලබා දීමට නිර්දේශ කර ඇති බව චීන තානාපති වරයා දැනුම් දී ඇත.  ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් පරිපාලන හා නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසට තානාපතිවරයා ඉල්ලා සිටී. හම්බන්තොට හා කොළඹ වරාය ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අගමැතිවරයා හා චීන තානාපතිවරයා වැඩිදුරටත් සාකච්ඡා කර ඇත. හම්බන්තොට වරාය සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට දිරිගන්වන බව චීන තානාපතිවරයා පවසා සිටී. කොළඹ හා හම්බන්තොට වරාය ව්‍යාපෘති දෙක සාර්ථකව ඉදිරියට යාමේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ එංජිම බවට එය පත්වනු ඇතැයිද චීන තානාපතිවරයා පැවසීය. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීමට සාකච්ඡා කරන ලෙස ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. චීන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. හම්බන්තොට වරායට ලැබෙන තුන්වන අදියරේ මුදල් ජුනි 09 වැනිදා ලැබෙන බව ද චීන තානාපතිවරයා පැවසීය. එම මුදල් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ද ඉහළ යනු ඇති බව පැවසේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති