ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරය අවසන් කර යළි දිවයිනට

2018-05-14 18:29:42
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරය අවසන් කර යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින නිල සංචාරය අවසන් කර යළි දිවයිනට


ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුවේදී අවබෝධතා ගිවිසුම් 5 කට අත්සන් කෙරේ. 

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත‍්‍රවත් උත්සවයක් සංවිධානය කර තිබිණ. නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය. එහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉරාන රජයේ සහය ඉදිරියේදී ද අපේක්ෂා කරන බවයි. ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට ද නායකයින් එකඟ වූහ. ශ‍්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගනිමින් දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහයෝගීතාවය පුළුල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් පේෂකර්මාන්ත ක්ෂේත‍්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳවත් අවධානය යොමු විය. 

සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව, ඖෂධීය සහ වෛද්‍ය උපකරණ, ප‍්‍රමිතිකරණය, මිනුම් විද්‍යාව හා පුහුණුව, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, සිනමාව සහ රූපවාහිනි සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය යන ක්ෂේත‍්‍රවලට අදාළව ගිවිසුම් 05 කට මෙහිදී  අත්සන් තැබිණ.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති