ශ්‍රී ලංකා සංවර්ධනයට චීනයේ අනුබලයන් ගෙන් තොර විය නොහැකි බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

2018-05-13 17:21:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ්‍රී ලංකා සංවර්ධනයට චීනයේ අනුබලයන් ගෙන් තොර විය නොහැකි බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

හෙතෙම මේ බව පැවසුවේ 11වැනිදා ජනපති මන්දිරයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ඡෙං සිවැන් යුවන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ය. ඔවුහු දෙදෙනා චීන-ශ්‍රී ලංකා සබඳතා සහ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට දීර්ඝකාලීන ඉතිහාසයක් තිබෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය. ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දිගුකාලීනව විශාල වශයෙන් සහය දී ඇති චීනයට ස්තුති පළ කරන බව හෙතෙම එහිදී සඳහන් ‍කළේය. රටේ සංවර්ධන ඉලක්ක ඉටු කිරීමට මෙන්ම ඉන්දීය සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක්  බවට පත්වීමට චීනයේ අ‍ඛණ්ඩ අනුබල අවශ්‍ය වන බව ද ඔහු අවධාරණය කළේය. “එක් තීරයක් එක් මාවතක්”වැළපිළිවෙළට අනුබල දෙමින් ශ්‍රී ලංකාව දෙරට අතර අදාළ සහයෝගතා ව්‍යාපෘති ස්ථීර ලෙස ඉදිරියට ගෙන යනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චීනය දෙරට අතර මිත්‍ර සබඳතාව වැදගත් කොට සලකන බව ඡෙං සිවැන් යුවන් මහතා එම සාකච්ඡාවේදී පැවසීය.

දෙරටට හා දෙරටේ ජනතාවට සුභ සෙත සැලසීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව “පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා ප්‍රතිලාභ පොදුවේ බෙදා දීම” යන මූලධර්මය මත “එක් තීරයක් එක් මාවතක්”රාමුව යටතේ ප්‍රායෝගික සහයෝගතා ධනාත්මක ලෙස ඉදිරියට මෙහෙයවනු ඇතැයි චීනයේ බලාපොරොත්තුව බව ඡෙං සිවැන් යුවන් මහතා එහිදී සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති