ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක්

2018-04-16 19:27:52
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ලබන 25 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන  බවයි.

ඊයේ(15) දිනයේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවන කටයුතු ආරම්භ වූ අතර දුර පළාත් වල සිට කොළඹට පැමිණෙන මඟීන්ගේ පහසුව උදෙසා විශේෂ බස් රථ කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු  සඳහන් කළේය.

මේ අතර මඟී ජනතාවගේ පහසුව උදෙසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වාත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේත්, උතුරු දුම්රිය මාර්ගයේත් විශේෂ දුම්රිය කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති