2018 පළාත් පාලන මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

2018-02-08 14:08:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2018 පළාත් පාලන මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ සඳහා පොලිස් නිලධාරීන් 65753ක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇතැයි පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

 

මෙම නිලධාරීන්  08 දා සිය මැතිවරණ රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීම සිදු කරන බවත් 09දා සිට රාජකාරි කටයුතු ආරම්භ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන 13420ක් ස්ථාපිත කොට තිබේ.මෙම එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 26840ක පිරිසක් යොදවා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති