චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

2018-02-07 19:22:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.

 

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ උප සභාපති, සාමය හා නිරායුධකරණය පිළිබඳ චීන මහජන සංගමයේ ප්‍රධානී Han Qide මහතා පසුගිය 4වනදා සිට 6 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබේ.

 

එම සංචාරයේදී Han Qide මහතා කතානායක කරු ජයසූරිය මහතා, ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය හා ශ්‍රී ලංකා චීන මාධ්‍ය සංගමය, ශ්‍රී ලංකා චීන බෞද්ධ සංගමය හා ශ්‍රී ලංකා චීන සමාජ සංස්කෘතික සහයෝගතා සංගමය ඇතුළු සංගම්වල ප්‍රධානීන් හමු විය.

 

දෙරටේ සබඳතාව, දෙරටේ පාර්ලිමේන්තු හුවමාරු, සිවිල් සහයෝගතා සහ ප්‍රාදේශීය තත්ත්වයන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති