පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා

2018-01-09 16:00:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ගේ නාමලේඛන දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහතික කෙරුණු බවයි. 

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයෝ පන් ලක්ෂ 60,536 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.තැපැල් ඡන්ද සලකුණු කිරීම මැතිවරණ කාර්යාල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල ජනවාරි මස 22 වන දින සිදුකිරීමට නියමිත අතර සෙසු රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති