කොළඹ වරාය නගරයේ සංවර්ධනය වෙනුවෙන් චීන සමාගම දරන වෑයමට අග්‍රාමාත්‍යවරයාගෙන් පැසසුම්

2018-01-03 15:11:04
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොළඹ වරාය නගරයේ සංවර්ධනය වෙනුවෙන් චීන සමාගම දරන වෑයමට ස්තුතිය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා එසේ පැවසුවේ ඊයේ(2) කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරමිනි. ජගත් ප්‍රමිතියට අනුව ඉදි කෙරෙන කොළඹ වරාය නගරය හොඳ ආදර්ශයක් වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට අපේක්ෂිත බවත් හෙතෙම කීය.  

වසර 2014 සැප්තැම්බර් මාසයේ ආරම්භ කෙරුණු කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ රාමුව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැදගත් සහයෝගතා ව්‍යාපෘතියකි. සීමා සහිත චීන ගමනාගමන සංවර්ධන කොටස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ව්‍යාපෘතිය මෙහෙයවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති