ආනයන-අපනයන මහලේකම් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගැනේ

2018-01-02 16:51:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ආනයන-අපනයන මහලේකම් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගැනේ

එතෙර මෙතෙර වෙළෙඳාමේ නිරත සෑමට පහසුකම් සැලසීම  මෙම මහ ලේකම් කාර්යාලයක ළඟදීම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ පරිශ්‍රයේදී පිහිටුවීමට රජය සූදානම් වේ.

කොළඹ කොටුව ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පිහිටුවා ඇති ‘සිංගල් චින්ඩෝ’කාර්යාලය තුළින් දැනට ලබාදෙන සේවාවන් වඩාත් පුළුල්කොට නව මහලේකම් කාර්යාලයෙන් ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කෙළේය.

තම නිෂ්පාදන අපනයනය කරන පිරිසටත්, ඒවා මිලදී ගන්නා විදේශ පාරිභෝගික ජනතාවටත් තම ගනුදෙනු ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හරහා පහසු කිරීම (e-Commerce) වැඩිදියුණු කිරීම මේ මහලේකම් කාර්යාලය තුළින් සිදු කරනු ලැබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති