නව වසරට ජනපති සහ අගමැති සුබ පතති

2017-12-31 16:07:43
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව වසර උත්කර්ෂවත් එළැඹුමක් බවට පත් කළ හැකි වනු ඇත්තේ ඒ සඳහා වන අපගේ අධිෂ්ඨානය හා කැප වීම මත යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අතීතයට එක් වෙමින් ගතව යන හැම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර, උදා වන හැම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියා විනිශ්චයන්ට බඳුන් කරයි.

එහිලා අප දක්වන උත්කෘෂ්ට කැප වීම සහ අධිෂ්ඨානශීලි ධෛර්යය විසින් අප විශිෂ්ටත්වය කරා රැගෙන යනු ලබන බව නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටී. මේ අතර නව වසර වෙනුවෙන් සුබ පතන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටු වන, ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනා කර සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති