ඉන්දීය සාගරයේ වඩාත් මනරම් අනාගතයක් බිහිවනු දැකීම චීනයේ අභිලාෂය යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසයි

2017-11-10 15:21:43
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉන්දීය සාගරයේ වඩාත් මනරම් අනාගතයක්  බිහිවනු දැකීම චීනයේ අභිලාෂය යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසයි

ඉන්දීය සාගරයේ වඩාත් මනරම් අනාගතයක්  බිහිවනු දැකීම චීනයේ අභිලාෂය යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසයි

සුසංගත, සහයෝගයෙන් යුත් හා පොදු-ජයග්‍රාහී ඉන්දීය සාගර කලාපය ගොඩ නැංවීම චීනයේ ආකල්පය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂිඇන් ලියාං මහතා  පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත් හරහා විශේෂ ලිපියක් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටී. පුළුල් සහයෝගයෙන් ඉන්දීය සාගර කලාපයේ සුන්දර අනාගතය වැළඳ ගනිමු යන මැයෙන් එම ලිපිය පළ කර ඇත. ඉන්දීය සාගරය පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිය ඉන් පැහැදිලි කෙරේ.

පසුගිය දා චීනයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී චීන ජනාධිපති ෂී චින් පිං මහතා සාමකාමී, සුරක්ෂිත, පොදු සමෘද්ධිමත් හා පරිසර හිතකාමී ලෝකයක් ගොඩ නගන ලෙස ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද යී ෂිඇන් ලියාං මහතා සිය  ලිපියෙන් සඳහන් කරයි.

පුළුල් සහයෝගයෙන් යුතුව ඉන්දීය සාගර කලා‍පයේ සුන්දර අනාගතයක් නිර්මාණ කළ හැකි ය.

චීනයේ සාමකාමී සංවර්ධනය හා ඉන්දීය සාගර කලාපයේ අනාගතය හා සමීප සම්බන්ධයක් තිබෙන බව තානාපතිවරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා‍ව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත කැපවීමෙන් උපකාර කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල සමඟ චීනයේ සංවර්ධනය ඉන්දීය සාගර රටවලට ප්‍රතිලාභ ගෙන ඒම චීනයේ අපේක්ෂාවයි. විවිධ රටවල් සමඟ එක්ව වඩාත් සුහදශීලි හවුල්කාරී සබඳතා ගොඩ නගිමින් ඉන්දීය සාගරයේ වඩාත් මනරම් අනාගතයක්  බිහි වනු දැකීම චීනයේ අභිලාෂය යැයි ද තානාපතිවරයා එම ලිපියෙන්  පෙන්වා දී තිබේ.

Wang/Liu

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති