පරිසර සංරක්ෂණය වෙනුවෙන් වන තම වගකීම් ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

2017-10-12 19:09:13
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පරිසර සංරක්ෂණය වෙනුවෙන් වන තම වගකීම් ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

පරිසර සංරක්ෂණය වෙනුවෙන් වන තම වගකීම් ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්


මහපොළවට සහ පරිසරයට වටිනාකමක් ලබාදෙමින් ඒ සඳහා වූ අද දවසේ වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එබැවින් පරිසර සංරක්ෂණයට අදාළ සියලු අංශවලට ඉහළ වටිනාකමක් ලබාදෙමින් තම වගකීම් ඉටුකිරිමට කැපවීම අද දවසේ සියලුදෙනා වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ මහනුවර, දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ‍්‍රයේ පැවැති ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය මෙලෙස සනිටුහන් කෙරිණ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව මුහුණ දීමට සිදුවූ ගංවතුර, නායයාම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් මිනිසා, පරිසරය වෙනුවෙන් වූ වගකීම් ඉටු නොකිරීම නිසා සිදුවූ ප‍්‍රතිවිපාකයන් බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති