පළාත් පාලන සංශෝධන පනත්වලට කතානායක අත්සන තබයි

2017-10-12 19:07:19
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පළාත් පාලන සංශෝධන පනත්වලට කතානායක අත්සන තබයි

පළාත් පාලන සංශෝධන පනත්වලට කතානායක අත්සන තබයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරූ ජයසූරිය මහතා අත්සන් තබා තිබේ.

එම පනත්වලට අත්සන් තැබීම අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු විය.

මෙම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක් වූහ.

පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන සහ මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති