චීනය

ඇමරිකා‍නු ජාතිකයින් 11 දෙනෙකුට එරෙහිව චීනයෙන් සම්බාධක

ඇමරිකා‍නු ජාතිකයින් 11 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවන බවට චීනය ප්‍රකාශ කරයි.චීන මධ්‍යම රජයේ හා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන් 11දෙනෙකුට ඇමරිකාව විසින් සම්බාධක පැනවීමේ වැරදි ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා මේ බව පැවසීය

කොරොනා වසංගතයෙන් විශේෂිත දිළිඳු කෝරළ හා ගම්මානවලට එල්ල වන බලපෑම් සමස්ත වශයෙන් පාලනය කළ හැකි බවට ප්‍රකාශ කෙරේ.

මේ වසරේ නව කොරොනා වසංගතයෙන් විශේෂිත දිළිඳු කෝරළ හා ගම්මානවලට එල්ල වන බලපෑම් සමස්ත වශයෙන් පාලනය කළ හැකි බව චීන රාජ්‍ය මණ්ඩල දිළිඳුකම පිටුදැකීමේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඕ චින් පින් මහතා ප්‍රකාශ කරයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(10) පැවති චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ මාධ්‍ය හමුවේදීය

චීනයේ ජාතික දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ඉහළට

චීනයේ ජාතික දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව ඉහළ යයි.එය ජූලි මාසයේදී 8.5% කින් ඉහළ ගොස් තිබේජුලි මාසයේදී චීනයේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ප්‍රබල ලෙස වර්ධනය වූ බව සීමාසහිත චීන දුම්රිය සමුහ සමාගම පවසයි . භාණ්ඩ ටොන් මිලියන 320 ක් බෙදා හැර ඇති අතර එය පෙර සමාන කාලය හා සැසදීමේ දී 8.5% ක වර්ධනයකි

ඇමරිකාවේ ඊනියා සම්බාධක ආධිපත්‍යවාදී කෝපාවිෂ්ට ක්‍රියාවක් බව චීන රාජ්‍ය මණ්ඩලය පවසයි.

ඇමරිකාව චීන රජය හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන්ට එරෙහිව ඊනියා සම්බාධක පැනවීම ආධිපත්‍යවාදී කෝපාවිෂ්ට ක්‍රියාවක් බව චීන රාජ්‍ය මණ්ඩලය පවසයි.චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං,මැකෞ විශේෂ පරිපාලන කලාප කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයා ඊයේ(9) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය

හොංකොං ව්‍යවස්ථාදායක සභාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්, චීනයේ රාජ්‍ය මණ්ඩලයෙන් ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවට ඉල්ලීමක්

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හයවන ව්‍යවස්ථාදායක සභාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්, චීනයේ රාජ්‍ය මණ්ඩලය, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවෙන් ඉල්ලා සිටී.ඊට අදාල පනත ස්ථාවර කමිටුවේ අඛණ්ඩ සැසිවාරයට සෙනසුරාදා ඉදිරිපත් කෙරිණ

වසරේ මුල් භාගය තුළ චීනයේ බදු සහ ගාස්තු යුවැන් ටි‍්‍රලියන 1.5 කින් කපා හැරේ.

වසංගතයෙන් පීඩා විඳින සමාගම් වල දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා රජය බදු සහ ගාස්තු කප්පාදු කිරීමේ ආධාර යොමු කර ඇති බව චීන මුදල් අමාත්‍ය Liu Kun මහතා පවසයි.මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ, චීනය බදු සහ ගාස්තු යුවැන් ටි‍්‍රලියන 1

සිංගප්පූරුව පිහිටුවීමේ 55 වන සංවත්සරයට චීන ජනාධිපතිවරයාගෙන් සුභ පැතුම්

සිංගප්පූරුව පිහිටුවීමේ 55 වන සංවත්සරයට චීන ජනාධිපති ෂි ජින් පිං මහතා සුභ පැතුම් පිරිනමයි.සිංගප්පූරුවේ ජනාධිපතිනී Halimah Yacob මහත්මියට චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අද(9) සුභ පැතුම් පණිවුඩයක් යොමු කළේය

චීනයේ සන්යා නගරය මුහුදු සේද මාවතේ ඊ-වාණිජ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කරයි

‘සන්යා නගරයේ දේශසීමා ඊ-වාණිජ්‍ය පරීක්ෂණ කලාපයේ ක්‍රියාත්මක සැලැස්ම’ චීනයේ හයිනැන් පළාත් රජය විසින් නිකුත් කෙරේ

චීනයේ ශාරීරික යෝග්‍යතා දිනය අදයි

චීනයේ සමස්ත වැසියන්ගේ යෝග්‍යතා දිනය අදට යෙදී තිබේ. 2008 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ විය. ඊට පසු වසරේ සිට අගෝස්තු මස 8 වන දින සමස්ත වැසියන්ගේ යෝග්‍යතා දිනය ලෙස නම් කර ඇත

තම රටට දොස් පැවරීම නතර කරන ලෙස, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී

ඇමරිකාව හැකි ඉක්මනින් වසංගතය ජය ගනු ඇති අතර ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් කුඩා පිරිසක් විසින් චීනයට දොස් පැවරීම නතර කරනු ඇතැයි, චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි.අගෝස්තු 2 දක්වා, චීනය විසින් ඇමරිකාවට මුඛ ආවරණ බිලියන 26

HomePrev12345...NextEndTotal 10 pages