න්‍යෂ්ටික නිරායුධකරණ ප්‍රමුඛ වගකීම ඇමරිකාව සැබෑ ලෙස අනුගමනය කළ යුතු බව චීනය පවසයි.

2020-07-16 19:39:48
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හූඅවා චුන්යිං මහත්මිය අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.ලෝකයේ විශාලතම න්‍යෂ්ටික ගබඩාව සහිත රටක් ලෙස ඇමරිකාව සිය න්‍යෂ්ටික නිරායුධකරණ විශේෂ ප්‍රමුඛ වගකීම සැබෑ ලෙස ඉටු කළ යුතු බව ඇය පැවසුවාය.ඇමරිකාව ලෝකයේ උපාය මාර්ගික ආරක්ෂාව සඳහා කටයුතු කළ යුතු බවද ඇය සඳහන් කළාය.

පසුගිය දා ඇමරිකාවේ Los Alamos ජාතික විද්‍යාගාරයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිටවීමේ සිද්ධියක් සිදු වූ බව වාර්තා විය. එම විද්‍යාගාරයේ න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටින බව වාර්තා වී ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති