ෂින්ජියං ස්වායත්තයේ ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව නැගූ මානව හිමිකම් චෝදනාව, මෙම සියවසේ විශාලතම බොරුව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

2020-07-16 19:30:37
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ ෂින්ජියං ස්වායත්තයේ ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව නැගූ මානව හිමිකම් චෝදනාව, මෙම සියවසේ විශාලතම බොරුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය පවසයි.

ඇමරිකාව, හුවාවෙයි ඇතුළු චීන විද්‍යා තාක්ෂණික සමාගම්වල ඇතැම් සේවකයින්ට එරෙහිව වීසා සීමාව පනවන බව ප්‍රකාශ කර ඇත්තේ, එම චීන සමාගම් මානව හිමිකම් උල්ලංඝනය කළ නිසා බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත. මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් හුවා චුන්යිං මහත්මිය පැවසුවේ මානව හිමිකම් පිළිබඳව සඳහන් කිරීමට උනන්දුවෙන් සිටින ඇමරිකාව, ලොව විශාලතම මානව හිමිකම් උල්ලංඝණය කරන්නා බවයි. චීනයේ ෂින්ජියං ස්වායත්තයට අදාළ ප්‍රශ්නය පිළිබඳව එරට නැගූ චෝදනාව, මෙම සියවසේ විශාලතම බොරුවය. සිය උසස් පෙළේ නිලධාරීන්ගේ මෙම අපකීර්තිමත් හැසිරීම් පිළිබඳව ඇමරිකව ලැජ්ජා විය යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති