ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයින්ට චීන ජනාධිපතිවරයාගෙන් පිළිතුරු

2020-07-16 15:06:51
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයින් වෙත චීන ජනාධිපතිවරයා පිළිතුරු පණිවුඩයක් යොමු කරයි.

ලෝකයේ පුරෝගාමී අන්තර්ජාතික සමාගම් 39කින් සමන්විත ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයෝ මෑතකදී ෂී ජින් පිං මහතා වෙත ඒකාබද්ධ පණිවුඩයක් යොමු කළහ. චීනය කඩිනමින් වසංගතය පාලනය කිරීම, නිෂ්පාදනය හා සේවා ප්‍රථමයෙන් ම යළි ආරම්භ කිරීම ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් වන බව, එම පණිවුඩයේ සඳහන් විය. පශ්චාත් වසංගත සමයේ චීන ආර්ථික සංවර්ධනය හා දෙස් විදෙස් සහයෝගිතාව පිළිබඳව ඔවුන් උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(15) යොමු කළ එම පිළිතුරු පණිවුඩයේ සඳහන් වන පරිදි, චීනය වසංගතය පාලනය කරමින්, ආර්ථික හා සමාජ සංවර්ධනය සකස් කරමින් ප්‍රවර්ධනය කරයි. එමගින් දෙස් විදෙස් ව්‍යවසායන්ගේ ආයෝජනයට වඩාත් යහපත් ව්‍යාපාරික පරිසරයක් සැපයීම හා නව අවස්ථා නිර්මාණය, සිදු කළ හැකි ය. විදේශ ව්‍යවසායන් චීනයේ ආයෝජන කරමින් ස්ථීර ලෙස රැඳී සිටීම නිවැරදි තේරීමක් බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. වර්තමානයේ විවිධ රටවල් ප්‍රතිලාභ ඉහළින් සංකලනය කිරීම හේතුවෙන් සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය ප්‍රධාන ප්‍රවණතාවකි. සහයෝගිතාවය, පොදු ජයග්‍රහණය හා පොදුවේ සංවර්ධනය යන සංකල්ප අනුගමනය කරමින් චීන ව්‍යවසායන් සමග හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කරමින්, ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කිරීමට දායකත්වය ලබා දෙන බවට, ෂී ජින් පිං මහතා බලාපොරොත්තුව පළ කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති