මේ වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය, සියයට 1.6 කින් පහළ යයි

2020-07-16 13:14:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය, පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 1.6 කින් පහත වැටේ.

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ ප්‍රවෘත්ති ප්‍රකාශිකා Liu Ai hua මහත්මිය අද (16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

නව කොරොනා වසංගතය අඛණ්ඩව මනා ලෙස පාලනය කිරීමත් සමඟ චීනය වැඩ, නිෂ්පාදන, වාණිජ්‍යයන් හා වෙළඳපොළ නැවත ආරම්භ කිරීම කඩිනමින් ඉදිරියට ගෙන යමින් සිටින බව ඇය සඳහන් කළාය. මේ වසරේ මුල් භාගයේදී චීන ආර්ථිකය පළමුව පහත වැටී පසුව ඉහළ ගිය අතර දෙවන කාර්තුවේදී ආර්ථිකය සෘණ වර්ධනයේ සිට ධනාත්මක තත්ත්වයට පරිවර්තනය වූ බවත්, ප්‍රධාන දර්ශකයන්ගේ නැවත වර්ධනය ආරම්භ වූ අතර ආර්ථික ක්‍රියාකාරිත්වය ස්ථීර ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බවත්, Liu Ai hua මහත්මිය එහිදී පැහැදිලි කළාය.

මූලික ගණනය කිරීම් වලට අනුව, මේ වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 45.66 ඉක්මවා ගියේය. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 1.6ක අඩුවීමකි. එමෙන්ම, මේ වසරේ පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 6.8 කින් අඩු වූ අතර දෙවන කාර්තුවේ දී එම ප්‍රමාණය සියයට 3.2ක් ඉහළ ගියේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති